Saturday, October 2, 2010

පන්ඩුකාභය වීරචරිතය පරිගණක කීඩාවකට

අබා කියූ පමණින් අපට මතකයට මහාවංසයේ එන වීරචරිතයක් පාදක කොට නිර්මාණය කෙරුණු චිත්‍රපටියක් වන ජැක්සන් ඇන්තනී මහතා අධ්‍යක්ෂණය කළ අබා චිත්‍රපටයයි. එය අවිවාදයෙන්ම මහා සිනමා නිර්මාණය කි. ලංකා සිනමා ඉතිහාසෙයේ නොමැකෙන සලකුණක් තැබූ එම චිත්‍රපටය පරිගණක ක්‍රීඩාවක් බවට පත් කිරීමට තරුණ පරිගණක ක්‍රීඩා නිර්මාණ කරුවෙකු වෙන සංජය ධනුෂ්ක සංජය පෙරේරාට හැකිවී තිබෙනවා. 60 වසර ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක් සදහා නිර්මිත පළමු පරිගණක ක්‍රීඩාව වන්නේ ද මෙම චිත්‍ර පටිය යි. ශ්‍රී ලංකාවේ නිර්මිත ප්‍රථම First Persion shooter ගණකයේ පරිගණක ක්‍රිඩා නිර්මාණයේ ගෞරවය හිමිවන්නේද ඔහුටම වේ.

ලංකාවේ පරිගණක ක්‍රීඩා ඉතිහාසයේ නවතම පෙරළියක් කරමින් සැත්තැම්බර් මස 18 වන දින බණ්ඩාර නායක සම්මන්ත්‍රණශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි මෙම සිංහල පරිගණක ක්‍රීඩාව නිකුත් කිරීමට නියමිතව ඇත. මෙම පරිගණක ක්‍රීඩාවේදී ක්‍රීඩකයා පණ්ඩුකාභය කුමාරයා ය. මෙහිදී වසර 2100ක් පැරණි ඉතිහාසයට ක්‍රීඩකයාට පිවිසීමට හැකි වේ. ඇඳුම් ආයිත්තම්, කඩු, දුනු සහ ඊතල වැනි අවි ආයුධ ද ඊට නොදෙවෙනි පසුබිම් ත්‍රිමාණ සජීවි කරණයන් ගෙන්ද ක්‍රි.පු. 4 හා 5 වන සියවසට ක්‍රිඩකයා ගෙන යන්නේ ඉතාමත් ආකර්ෂණීය මෙන්ම ත්‍රාසජනක ක්‍රීඩා රසාස්වාදයක් ලබා දෙමිනි.

මෙම පරිගණක ක්‍රීඩාවේ සැකසීම් තොරතුරු ජැක්සන් ඇන්තනී මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවිය. ඒ සඳහා ඇවිසි උපදෙස් හා ඉතිහාස දැනුම ලබාදෙමින් මෙම නිර්මාණය නංවාලීමට ඔහු මෙන්ම ඔහුගේ Helanka ආයතනය විසින් ලබා දුන් සහයද මේ නිර්මාණයේ සාර්ථකත්වය පිටුපස ඇති තවත් වැදගත්ම අංගයකි. අබා පරිගණක ක්‍රීඩාවේ ඉතා උසස් ත්‍රිමාණ ලෙස නිර්මාණය කරඇති අතර ලංකාවේ ප්‍රථම වරට ස්ටීරියෝස්කොපික් (stereoscopic) තාක්ෂණය සහිත චීඩියොවන්ද එහි ඇතුළත් වේ. මෙහිදී පරිගණක ක්‍රීඩාවෙ නියැලෙන ක්‍රීඩකයාට අවශ්‍යනම් ස්ටීරියෝස්කොපි ක්‍රමයේ රූප නැරඹිමට යොදාගන්නා නිල් සහ රතු වර්ණ විභේද සහිත උපැස් යුවලක් භාවිතයෙන් පරිගණකක්‍රීඩාවට ඇතුළත් කර ඇති වීඩියො දර්ශන ත්‍රිමාණයෙන් දැකිය හැකි වෙනු ඇත.

ගෙම්කෝ(ර්) ආයතනය මගින් මිට පෙරද පරිගණක ක්‍රීඩා නිර්මාණය කර ඇති අතර ශ්‍රි ලංකාවේ පළමු පරිගණක ක්‍රීඩාව වන ජෙමිස් බණ්ඩා, තොප්පිගල මෙහෙයුම, කනල් සී පරිගණක ක්‍රීඩා ඒ අතර වේ. එම පරිගණක ක්‍රීඩා සදහා ICTA මගින් පැවැත්වු ඉ-ස්වාභිමානි 2009දි සම්මානයෙන්ද පිදුම් ලැබිණි. මෙම පරිගණක ක්‍රීඩාවට අදාළ වැඩි විස්තර, trailer සහ wallpapers ආදිය ලබාගැනීමට http://www.gameslk.com වෙබ් අඩවියට පිවිසෙන්න.

1 comment: